Saturday, June 4, 2016

අලියෙක් එල්ලා මැරිම...

පුද්ගල ඝාතනයක් වෙනුවෙන් අලියකු එල්ලා මරනවා කිව්වොත් ඔබ පුදුම වෙන්න පුලුවන්. නමුත් එහෙම සිදුවිම් ඉතිහාසයේ වෙලා තියනවා.


‘මෙරි‘‘ කියලා කියන්නේ 1894 වසරේ උපන් ය ඇමරිකාවේ ස්පාර්ක්ස් නම් සර්කස් කණ්ඩායමේ සිටි ටොන් 5ක් බරැති ආසියානු කෙනරක්. සර්කස් වල සතුන් පුහුනු කරද්දි අඩත්තේට්ටම් සිදුකරනවා. මෙරිටත් මෙසේ ඇත්ගොවුවන් විසින් අඩත්තේට්ටම් කර තිබුනා. මේ අඩත්තේට්ටම් නිසා මෙරි නිතර කෝපයෙන් පසුවුනා කියලා වාර්ථා වෙනවා.   


1916 සැප්තැම්බරයේ ස්පාර්ක්ස් සර්කස් කණ්ඩායම ඇමරිකාවේ ටෙනසි ප්‍රදේශයට ආවේ සර්කස් සංදර්ශණ පැවැත්විම සදහායි. මෙහිදි සහයක ඇත්ගොවුවෙක් ලෙස බදවාගත් රෙඩ් එල්ඩ්‍රිජ් නම් පුද්ගලයා හට මෙරි ගේ වගකීම් බාරදි තිබුනා. එල්ඩ්‍රිජ් යනු පුහුනුව ලත් පුද්ගලයෙක් නොවේ. සහයක ඇත්ගොව්වෙක් ලෙස සේවයට පැමිණිමට පෙර ඔහු හෝටල් සේවකයෙක්.
             
දිනක් මෙරි සමග පොකුණට යන විට මෙරිගේ සෙමින් ගමන නොඉවසු ආධුනික එල්ඩ්‍රිජ් විසින් කෙනෙරගේ කනට හෙණ්ඩුවෙන් ඇන තිබෙනවා.

මෙයින් කෝපයට පත් මෙරි විසින් එල්ඩ්‍රිජ් මරා දැමුවත් වෙනත් කිසිවෙකුට කරදරයක් කර නැ. නමුත් මෙම ඝාතනයෙන් කෝපයට පත් නගර වැසියන් ‘‘අලියා මරාදමනු, සර්කස් පිටවෙනු‘‘ යනුවෙන් සර්කස් ප්‍රතික්ෂේප කරමින් උද්ඝෝෂණ කර තිබෙනවා. මෙම උද්ගෝෂණ වලින් තම සර්කස් කර්මාන්තයේ අනාගතය අනතුරේ බව දුටු ස්පාර්ක්ස් සර්කස් හි අධිපති චාලි ස්පාර්ක්ස් විසින් මෙරි එල්ලා මරා දමන බව ප්‍රසිද්ධ කර ඇත.                              


1916 සැප්තැම්බර් මස 13 වන දින ටෙනසි ක්ලින්ච්ෆිල්ඩ් දුම්රිය ස්ථානයේ දුම්රිය ගැලක සැකසු දොඹකරයක් ආධාරයෙන් චාලි ස්පාර්ක්ස් ගේ නියමයෙන් මෙරි නම් කෙනෙර එල්ල මරා දැමිමට කටයුතු සුදානම් කර ඇත. මෙරි ව පලමු වර ඔසවන විට යකඩ දම්වැල කැඩි බිම වැටි ඇති අතර දෙවැනි වර ශක්තිමත් දම්වැලක් යොදා දඩුවම ක්‍රියාත්මක කර ඇත. පසුව මල සිරුර දුම්රිය ස්ථාන භූමියේම වලදමා ඇත. මැය ජනතාව අතර ප්‍රකට වූයේ මිනිමරු මෙරි නමිනි.

තම ව්‍යාපාර හේතුවෙන් සතකු බිල්ලට දුන් අවස්ථාවක් ලෙස මෙය එකල පුවත්පත් වල වාර්ථා විය.

- රොෂින් ප්‍රනාන්දු 

No comments:

Post a Comment