Sunday, July 17, 2016

ස්වයංව මමිකරණය සිදුකරගත් බෞද්ධ භික්ෂූන්

ඔයාලා විවිධ අවස්ථාවල දැකලා  ඇති විදේශ රටවල ප්‍රතිමා තුල තිබිලා භික්ෂුන් වහන්සේලාගේ මමිකරණයට ලක්වූ සිරුරු හමුවනවා. මෙසේ හමුවන මමි වසර දහසකටත් වඩා පැරණියි. 





ස්වයං මමිකරණය හමුවන්නේ වජ්රයානික බෞද්ධ සංස්කෘතිය තුලදියි. ස්වයං මමිකරණය කියන්නේ ඉතා දිර්ඝ ක්‍රියාවලියක්. මෙහි අවසන බෞද්ධ භික්ෂුව විසින් සියදිවි නසාගන්නවා. වජ්රයානික සංස්කෘතිය තුල මෙම ක්‍රියාව බුද්ධත්වයට පත්විමට සමානයි.

මෙම ක්‍රියාවලියේදි


  • පලමු දින 1000 තුලදි  භික්ෂුව විසින් ඇට වර්ග, පලතුරු වර්ග, බෙරිවර්ග හැර වෙනත් ආහාර භාවිතය නවතා දමනවා. එමෙන්ම  අධික ශරිර ව්‍යායාම සිදුකරමින් සිරුරේ තැම්පත්ව ඇති තෙල් හා මේද ඉවත්කරගැනිම සිදුකරනවා. 
  • ඉන්පසු එලැබෙන දින 1000 තුලදි - ඇටවර්ග හා පලතුරු වර්ගද ආහාරයට ගැනිම නවතා, ශාක මුල් හා  ගස්වල පොතු ආහාරයට ගැනිම සිදුකරනවා. දින 1000ක කාලය අවසන් විමට ආසන්න වෙත්ම, භික්ෂුන් වහන්සේලා විසින් චීන ලැකර් ගස නැතහොත් උරුෂි ගසෙන් ලබාගත් විෂ සහිත පානයක් පානය කරනු ලබනවා.  එමගින් අධික වමනය ඇතිවි සිරුරේ ජල ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවේ. එමෙන්ම එම පානයෙන්, මියයැමෙන් පසු සිරුර  දිරායාම අඩුකරයි.
  • මෙම දිර්ඝ ක්‍රියාවලියෙන් පසු, භික්ෂුව විසින් තම සිරුරට වඩා මදක් විශාල ශෛලමය කුටියක් තුලට ගොස් අගුලු ලා ගනි. පද්මාසන ඉරියව්වෙන් අසුන්ගන්නා භික්ෂුන් වහන්සේ අපවත්වන තුරු කිසිදු ආහාරයක් අනුභව නොකරයි. කුටියේ ඇති කුඩා සිදුරක් මගින් අවශ්‍ය වාතය සපයනු ලබයි. ජිවත්වන සැම දිනකම උදැසනදි භික්ෂුන් වහන්සේ විසින් සිනුවක් හඩවා තමන් ජිවත්වන බව බාහිරට දැනුම් දෙයි. සිනු ශබ්දය නැවති ගිය දිනයේදි, කුටියට වාතය සපයන කවුලුව වසා දමා දින 1000 ක කාලයක් තබනු ලබයි.
  • දින 1000 කාලයකින් පසු ශෛලමය කුටිය විවෘත කර, සිරුර මමිකරණයට ලක්ව ඇත්දැයි පරික්ෂාකර බලනු ලබයි. නිසි ලෙස මමිකරණයට ලක්ව ඇති සිරුරු, බුද්ධත්වයට පත්වූ සිරුරු ලෙස සලකා ශෛලමය කුටියෙන් ඉවත්කර වන්දනාමාන කටයුතු වෙනුවෙන් වෙනස් ස්ථානයක තැම්පත් කරනු ලබයි. නිසි ලෙස මමිකරණයට ලක් නොවු සිරුරු වලට ගරු බුහුමන් දක්වා නැවතත් ශෛලමය කුටි තුලම ගබඩා කරනු ලබයි.


උරුෂි ශාකය


සමහර අවස්ථා වලදි ශෛලමය කුටිය භික්ෂුවගේ සිරුරේ හැඩයටම සාදන අවස්ථා තිබෙනවා. එවන් අවස්ථාවලදි තමයි බුදුපිලිම තුල මමිකරණයට ලක්වූ භික්ෂූන් වහන්සේලාගේ සිරුරු හමුවන්නේ.

   


මෙම ක්‍රමය ආරම්භ වූයේ ජපානයෙන්. පසුව එය චිනය ඔස්සේ මොංගෝලියාව මෙන්ම ටිබෙටයටත් පැතිර ගියා. විවිධ ස්ථාන වලින් මෙසේ මමිකරණයට ලක්වූ සිරුරු හමුවනවා.

-  රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment