Sunday, July 24, 2016

මිලේච්ඡ ආක්‍රමනයක් නිසා ගොඩනැගුනු ජල නගරය - වැනිසිය

ඉතාලියේ පිහිටි  ලෝක උරුම වැනිස් නගරය ගැන මිතුරන් අහලා ඇති. ලොව පුරා සංචාරකයන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන වැනිස් නගරය දූපත් මාලාවකින් සමන්විතයි. ඔයාලා දන්නවාද මේතරම් ලස්සන නගරයක් බිහිවුනේ ආක්‍රමනයකට බයේ කියලා. 





ඇටිලා


ඉතා ඈත අතිතයේ සිටම වැනිසියේ දූපත් වල මසුන් මරන්නන් ජීවත් වුනා. ඇත්තටම දැන් ලස්සනට තිබ්බාට ඒ කාලේ මේක වගුරු බිමක්.  ක්‍රි.ව 5 වැනි සියවසේදි රෝමය ආක්‍රමණය කල ඇටිලා ද හන් කියන දරුණු ගෝත්‍රිකයාගේ මිලේඡ්ච ක්‍රියා වලය බයේ ගොඩබිම හිටපු මිනිස්සු වගුරේ සැගවෙන්න ගත්තා. පසුව ඔවුන් මේ වගුර නගරයක් බවට පත් කලා.

මේ මඩ වගුරේ ගොඩනැගිලි හදන්න බැ. ගිලා බහිනවා. ඉතින් ගම්වැසියක් කලේ විශාල ගස්  කොටන් අරන් ඇවිත් සෘජුව මඩ වගුරේ බැස්සුවා. එක ලග එක ලග ලි කොටන් බස්සලා ඒ මත ගල් ඇතිරුවා. මඩ අස්සේ බස්සලා තියන නිසා ලි කොටන් දිරන්නේ නැ. මොකද ඔක්සිජන් නැනේ. ඒ නිසා කාලයත් සමග තදින් සවිවුනා. මෙසේ හදපු පාදම මත තමයි විසල් නගරය ගොඩ නැගුවේ.

වැනිසියේ අඩි කිහිපයක් ඇවිද්දදෝත් ඇළ පාරක් හම්බවෙනවාමයි. ඒ තරම්  ඇළ මාර්ග  තියනවා.

වැනිසි නගරය  තියෙන්නේ ජලයේ උනාට ඔවුන්ට තියන ලොකුම ගැටලුවක් තමයි පානිය ජලය සොයාගැනිම. මොකද මුහුදු වතුර බොන්න බෑනේ. ඉතින් නගර වැසියන් ඒකට වැසි පෙරන සහිත ලිං තැනුවා.පහත දැක්වෙන්නේ එවන් ලිදක්. ඔයාලාට සතර කොන බැලුවොත් දිස්වෙයි, පොලවේ සිදුරු තියනවා .  මෙම සිදුරු වලින් වැසි ජලය රැස්කර, වැලි මගින් පෙරා මැද ඇති ලිදට එක්වෙනවා. ඒ අනුව ලිදේ තියෙන්නේ පිරිසිදු ජලය.




වැනිසිය තුල තියන ප්‍රදාන ප්‍රවාහන මාර්ගය තමයි ඇළ මාර්ග. ඒ අනුව ගිලන් රථ, බස් මෙන්ම කුණු ලොරියත් යන්නේ අැළේ.

කුනු බෝට්ටුව

ගිලන් බේට්ටුව

බස් නැවතුම් පලක්  


වැනිසියට අයත් මුරානෝ නගරය තුල විදුරු නිෂ්පාදනය ඉතා ඉහලින් සිදුවෙනවා. කටින් පිබිම මගින් විදුරු නිෂ්පාදන කිරිම පුදුම එලවන සුලුයි.

ඔයාලා දන්නවාද වැනිසිය තුල බයිසිකල් පැදිම තහනම්.

සංචාරයක් ඇසුරිනි... 
(ඡායාරුප ලියුම්කරු සතුයි)

- රොෂින් ප්‍රනාන්දු 

     

No comments:

Post a Comment