Wednesday, July 27, 2016

මරුටි කාර් එකට නම ලැබුන හැටි

මරුටි කාර් ඔයාලා දැකලා ඇති. ලංකාවේ අද වන විට බහුල වාහනයක් නේ. නමුත් ඔයාලා දන්නවාද මරුටි කාර් එකට නම ලැබුන හැටි?






ඉන්දියානු නිෂ්පාදනයක් වන මරුටි කාර් එකට නම වැටෙන්නේ හනුමාන් නිසා. ඔයාලා හනුමාන් ගැන අහලා ඇති. හුදෙක් සාහිත්‍ය රසය වෙනුවෙන්ම කතාව කියන්නම්.

දිනක් ශිව දෙවියන් මෝහිනි නම් දිව්‍ය අප්සරාවගේ නාට්‍ය වලින් සතුටු වෙලා, කැමැති වරයක් ඉල්ලන ලෙස මෝහිනිට පවසනවා. මෙහිදි මෝහිනි ශිව දෙවියන්ගෙන් ශුක්‍ර ධාතුවක් ඉල්ලා සිටිනවා. ඒ අනුව ශිව දෙවියන් විසින් ශුක්‍ර ධාතු ලබාදෙනවා. පසුව මෙම ධාතු, මෝහිනි විසින් තම මිතුරකු වන සුලගට අධිපති මාරුත/වායු දෙවියන්ට ලබා දෙනවා.

මාරුත දෙවියන් ට අංජානි කියලා වැදිරියක් බවට පත්වූ අප්සරාවක් සමග අනියම් සම්බන්දයක් තියනවා. අංජානි විවාහක වැදිරියක් වුනත් දරුවන් නැ. ඉතින් වායු දෙවියන් විසින් තමන්ට ලැබුනු ශුක්‍ර ධාතුව අංජානිගේ ගැබේ තැම්පත් කරනවා. 

පසුව අංජානි විසින් දරුවා බිහිකරනවා. වායු දෙවියන් විසින් ශුක්‍ර ධාතුව තැම්පත් කල නිසා පවන් පුත්‍ර, මාරුති කියන නම් වලින් හදුන්වනවා. අපි කවුරුත් දන්න හනුමාන් කියන නම ලැබෙන්නේ විශාල හනුවක් ඇති නිසායි.

හනුමා ලොකු වෙලා කරපු වැඩ ගැන ඔයාලා දන්නවානේ.

හින්දු විස්වාස වලට අනුව හනුමාන්, බුද්ධිමතෙක්, සංගිතකරුවෙක්, ගමනාගමනයට අධිපති වැනි විවිධ කරුණු වෙනුවෙන් අගතැම්පත් කරනවා.

හනුමාන් ගමනාගමනට අධිපති දෙවියා මෙන්ම මාරුති යන නමින්ද හදුන්වන නිසා තමයි , මරුටි කාර් එකට ඒ නම යොදා තියෙන්නේ.

- රොෂින් ප්‍රනාන්දු

2 comments:

  1. //අන්ජානී කියලා වැඳිරියක් බවට පත්වූ අප්සරාවියක්//

    ඒ කියන්නේ අප්සරාවිය වැඳිරිය වෙන වෙලාවේ අන්ජානී.......... කියලා කියන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අංජනම් දේවි කියන්නෙත් එයාට තමයි

      Delete