Friday, July 22, 2016

ලංකාව ආක්‍රමණය කල චීන වහලා

වහලෙක් ව සිට පසුව සෙන්පතියෙක් වුන පුද්ගලයෙකු ලංකාවේ කෝට්ටේ ආක්‍රමණය කරලා, එහි පාලකයා තම රටට ගෙනිච්චා කියලා ඔයාලා දන්නවාද?
මේ ලිපිය ඒ ගැනයි.
  



14 වැනි සියවසේ අග භාගයේදි චීනයේ බලය මින් පරපුර අතට පත්වෙනවා. මින් පරපුර මොංගල් පාලන ප්‍රදේශ වල සිදුකරණ ආක්‍රමණ වලදි අත්අඩංගුවට ගත් ලමයින් වහලුන් ලෙස සේවයේ යොදාගන්නවා. චීනයේ එවකට ලමා වහලුන්ගේ ලිංග ඡේදනයක් සිදු කලා. එයින් වහලාගේ ආත්මාර්ථය නැති වෙනවා කියලා චීන පාලකයෝ විස්වාස කලා. 



මෙම මින් ආක්‍රමණ වලදි ලමා සිරකරුවෙක් බවට පත්වෙනවා ‘‘ශෙන්ග් හේ(චෙන්ග් හෝ)‘‘ නම් ලමයෙක්. මේ ලමයාගෙත් ලිංග ඡේදනය කරලා ඔහුව වහලෙක් බවට පත්කරනවා.

වයසෙන් වැඩෙත්ම චෙන්ග් හෝ ගේ දක්ෂතා දුටු යොන්ග්ලි අධීරාජ්‍යයා ඔහුව නාවික අද්මිරාල් කෙනෙක් බවට පත්කරනවා. චෙන්ග් ලි අද්මිරාල්වරයා ගේ යටතේ චීනය දේශ ගවේෂණය කරනවා. චෙන්ග් හෝ, දේශ ගවේෂණය කරන්නේ නිකං නෙවෙයි, දැවැන්ත හමුදාවක් සමග ඕනැම වෙලාවක රටක් අල්ලන්න පුලුවන් ලෙස. නමුත් මින් රාජවංශය ප්‍රතිපත්තියක් ලෙස රටවල් ආක්‍රමණය කර අස්ථාවර කිරිම සිදුකලේ නැ. චෙන්ග් හෝ, මලක්කවා,ඉන්දියාව,මැදපෙරදිග,අප්‍රිකාව වැනි ප්‍රදේශ වලට මුහුදෙන් සංචාරය යෙදුනා.



චෙන්ග් හෝ ගේ මෙම සංචාර අතර ඔහු ලංකාවටත් පැමිණෙනවා. ඒ වනවිට චීනය විසින් ලංකාවේ නිල රජු ලෙස පිලිගන්නේ උතුරේ ඉන්න දෙමල රජුවයි. මේ සමයේ ගම්පොල රාජධානිය වියවුලක තිබූනා. කෝට්ටේ පාලනය කලේ වීර අලකේෂ්වර විසින්. චෙන්ග් හෝ, උතුරේ දෙමල රජු සමග කටයුතු කිරිම දකුනේ රජවරුන්ට රුස්සන්නේ නැ. චෙන්ග් හෝ පලමු වරට ආපු අවස්ථාවේ මේ හේතුව නිසා කෝට්ටේ වීර අලකේෂ්වර විසින් ඔහුට කරදර කරනවා. නමුත් චෙන්ග් හෝ නිහඩව පිටව යනවා.

නමුත් දෙවැනි වතාවට චෙන්ග් හෝ ලංකාවට එන්නේ, වීර අලකේෂ්වර ට පාඩමක් උගන්වන්න හිතාගෙන. කොලඹ වරයාට එන චෙන්ග් හෝ වීර අලකේෂ්වරට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. සිංහල හමුදාව චෙන්ග් හෝට විරැද්දව සටන් කරන්න කොලඹට එනකොට, චීන හමුදාව කෙටි පාරකින් කෝට්ටේ නගරයට ඇතුල් වෙලා අනාරක්ෂිතව හිටපු අලකේෂ්වර පවුල අල්ලාගන්නවා. මේ බව දැනගත් සිංහල හමුදාව පෙරලා පැමිණ පහර දුන්නාත් කාලතුවක්කු වලින් සන්නද්ධ ප්‍රභල චීන හමුදාව ඉදිරියේ පසු බසිනවා.

චෙන්ග් හෝ, වීර අලකේෂ්වරත්  රැගෙන චීනයට ගියාත් චීන අධිරාජ්‍යයා ලංකාව ආක්‍රමණට කිරිම ගැන නොසතුටට පත් වෙනවා. චීන අධිරාජ්‍යයා නියම කරනවා, වහාම අලකේෂ්වර ලංකාවට ගෙන ගොස් ලංකාව තුල ස්ථාවර රාජ්‍යයක් නිර්මාණය කරන ලෙස. අලකේෂ්වර සමග චෙන්ග් හෝ නැවත ලංකාවට එනකොට කෝට්ටේ රාජධානිය 6වැනි පරාක්‍රමබාහු රජු හොදින් පාලනය කරමින් ඉන්නේ. 6වැනි පරාක්‍රමබාහු රජුගේ යහපත් පාලනය ගැන පැහැදුනු චෙන්ග් හෝ, චීන ලංකා මිතුදම අලුත් කරනවා.



යොන්ග්ලි චින අධිරාජයා නැසි යාමත් සමග චෙන්ග් හෝ ට තිබු නනතුරු නැතිවුනා කියලා තමා ඉතිහසයේ සදහන් වෙන්නේ. ඒ වගේම තවත් තැනක සදහන් වෙනවා චෙන්ග් හෝ අප්‍රිකාව ආසන්නයේදි නාවික අනතුරකින් මිය ගිය බව.



- රොෂින් ප්‍රනාන්දු

No comments:

Post a Comment