Wednesday, July 20, 2016

නිවසේ විදුලි රැහැන් හරහාම තොරතුරු සන්නිවේදනය කල හැකි ‘‘Power-line communication‘‘

ඉස්සර ගෙදරක වුනත්,කාර්යාලයකදි වුනත් පරිගනක හා අන්තර්ජාල රවුටර් අතර තොරතුරු හුවමාරු කරගන්න නෙට්වර්කින් කරද්දි අධික වයර් ප්‍රමාණයක් වැය වුනා. ඒ වගේම ලොකු ඉඩක් ගියා. මේක අන්තර්ජාල හුවමාරුවේදි විතරක් නෙවෙයි, ප්‍රින්ටර් හා ස්කැනර් වගේ උපකරණ නෙට්වර්කින් කරද්දිත්  වයර් ඇදගෙන  කරදර වෙන්න උනා. පසුව වයර්ලස් තාක්ෂණය නිසා රැහැන් රහිතව පුලුවන් වුනා තොරතුරු සන්නිවේදනය කරගන්න. මේ අතරතුර තමයි ලෝකයට   Power-line communication කියන සංකල්පය එන්නේ. මේ සංකල්පය ටිකක් පරනයි. නමුත් ලංකාවට අලුත්. ඒ නිසා හිතුනා Power-line communication ගැන තොරතුරු ටිකක් බෙදාගන්න.






Power-line communication වලදි, නිවසේ හෝ කාර්යාලයේ දැනටමත් තියෙන AC විදුලි රැහැන් ඈදුම නැත්තම් වයරින් එක ඔස්සේම තොරතුරු සන්නිවේදනය කරගන්න පුලුවන්. ඒ නිසා අමතරව වයර් ඇදිමක් කරන්න ඕනා වෙන්නේ නැ. ඒ වගේම සවිකරගන්නත් ඉතාම පහසු නිසා විශේෂ තාක්ෂණික දැනුමක් අවශයත් නැ. පොඩි ඇඩැප්ටර් ටිකක් ප්ලග් කරන්නයි තියෙන්නේ දැනටමත්  නිවසේ හෝ කාර්යාලයේ  සවිකරලා තියන කෙවෙනි වලට.

අපි හිතමු, ඔබේ පරිගනකය හා අන්තර්ජාල රවුටරය තියනවා. මේ දෙක සාමාන්‍යෙයන් සම්බන්ද කරන්නේ  නෙට්වර්ක් කේබල් එකකින් හෝ වයිෆයි වලින් වෙන්න පුලුවන්. Power-line communication යටතේදි ඔබට කරන්න තියෙන්නේ රවුටරේ නෙට්වර්ක් කේබල් එක ඇඩැප්ටරයකට සම්බන්ද කර විදුලි කෙවෙනියට (වෝල් සොකට්) සම්බන්ද කිරිම හා  පරිගනකයෙත් නෙට්වර්ක් පෝර්ට් එක වයර් එකත් ඇඩැප්ටරයකුත් හරහා විදුලි කෙවෙනියට සම්බන්ද කිරිම. දැන් මෙම උපාංග දෙක හරහා තොරතුරු සන්නිවේදනය වෙන්නේ ගෙදර තියෙන විදුලි රැහැන් හරහායි. ඒ නිසා ඕනැම කෙවෙනියක් හරහා තොරතුරු ගන්න පුලුවන්. 



Power-line communication භාවිතා කරන තවත් තැනක් තමයි CCTV පද්ධති ස්ථාපිත කරද්දි. මෙහිදිත් කිසිදු අමතර වයර ඇදිමක් නොමැතිව දැනටමත් නිවසේ තියන විදුලි ඈදුම හරහාම තොරතුරු සන්නිවේදනය කරගන්න පුලුවන්. මේක ඉතාමත් පහසුවක්. ඒ නිසාම දැන්   CCTV  පද්ධතියක් සවිකරගන්න විශේෂිත දැනුමක් අවැසි නැ. ඔබටම කරගන්න පුලුවන්. කැමරා ටික ගත්තා, සොකට් එකකට ප්ලග් කලා. සරලයි.  

powerline networking adapter

powerline networking adapter


කාර්යාලයකදි වගේ තැනකදි රැහැන් රහිත අන්තර්ජාල රවුටරය විශාල පිරිසක් එකවර භාවිතා කරනවා. මෙහිදි වේගය අඩුවිම වගේම විවිධ තාක්ෂණික දෝශ ඇතිවෙනවා. එය මගහරවාගැනිමට හොදම ක්‍රමයක් තමයි මේ  Power-line communication  කියලා කියන්නේ. ඒ නිසා දැනට කාර්යාල මෙම ක්‍රමය භාවිතා කරනවා.

දිර්ඝ ලෙස සලකා බැලිමේදි  Power-line communication වල රැහැන් රහිත සන්නිවේදනයට වඩා ලොකු වාසි තියනවා. නමුත්     Power-line communication වලදි අදාල නිවසේ/කාර්යාලයේ ඇති වයරින් එකේ තත්ත්වය බලපානවා. ගොඩක් පරන වයරින් එකක් නම් සන්නිවේදනයේදි විවිධ ගැටලු ඇති වෙන්න පුලුවන්. ඒ වගේම අනිත් ගැටලුව තමයි උපාංග මිල අධික විම‍

ඉදිරියේදි උපාංග මිල අඩුවෙලා, තවත් වැඩිදියුනු වෙලා එනකොට අපි හැමෝටම Power-line communication  භාවිතා කරන්න පුලුවන්. 

ඔයාලාත් දන්න කරුණු බෙදාගමු.

ස්තුතියි

-රොෂින් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය

No comments:

Post a Comment