Monday, September 26, 2016

උදරය හිල් කල වෙඩිල්ල හෙලි කල තතු

වෛද්‍ය විද්‍යාව කියන්නේ එක් මිනිසකුගේ සොයාගැනිමක් නෙවෙයි. බොහෝ දෙනෙකුගේ මහන්සියේ ප්‍රතිපලයක් ලෙස තමයි
අද මේ තැනට වෛද්‍ය විද්‍යාව පැමිණිලා තියෙන්නේ. විද්‍යාවේ නව මංපෙතක් හෙලිකිරිමට සමත් වුන සිද්දියක් ගැනයි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තුවෙන්නේ.


1822 වසරේ දිනකදි ඇමරිකාවේ මැකිනැක් අයිලන්ඩ් වල,සත්ත්ව සම් අපනයනය කරන සමාගමක සේවකයෙකුව සිටි  ඇලෙක්ස් මර්ටින් නැමැත්තාට අත්වැරදිමකින් වෙඩිල්ලක් වදිනවා.
මේ වෙඩිල්ල ඔහුගේ උදරය පසාරු කරමින් සිරුර තුලට ඇතුල් වෙනවා.ඒ ආසන්නයේ හමුදා කදවුරක සේවයේ නියුතුව සිටි වෛද්‍ය විලියම් බෝමොන්ට් මහතා විසින් තුවාල ලත් මර්ටින් හට ප්‍රතිකාර සිදුකරනවා.

වෛද්‍ය බෝමොන්ට්


වෙඩිල්ල නිසා මර්ටින් ගේ ආමාශයට මෙන්ම පර්ශු වලටද බලපැම් වි තිබුනා. වෛද්‍ය බෝමන්ට් පවා මර්ටින් සුව වේ යැයි සිතා නැ. නමුදු සැවොම  පුදුම කරමින් මර්ටින් දින ගනනාවකය පසු සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා.
නමුදු වෙඩිල්ල නිසා ඔහුගේ උදරයේ ආමාශය දක්වා ඇතිවු සිදුර නම් වැසි ගියේ  නැ.

මර්ටින් ගේ උදරයේ ඇති සිදුර, මිනිස් ආහාර ජීර්ණය පිලිබද පරික්ෂණ කිරිමට යොදාගත හැකිබව වෛද්‍ය බෝමොන්ට් හට පසක් විය. තම පරික්ෂණ සදහා සහභාගි වන ලෙස බෝමොන්ට් විසින් මාර්ටින් හට යෝජනා කල අතර, ඒ වන විට රැකියාවද අහිමිව තිබු 
මර්ටින්, බෝමොන්ට් ගේ යෝජනාවට කැමැත්ත පලකලා. 

මර්ටින් සමග පරික්ෂණ කරන අවස්ථාවක්


ඒ අනුව වෛද්‍ය බෝමොන්ට් විසින් පරික්ෂණ මාලාවක් ආරම්භ කලේය. විවිධ ආහාර වර්ග නූල් වලින් ගැට ගසා, සිදුර හරහා මර්ටින් ගේ ආමාශයට  ඇතුල් කර , සැම පැය කිහිපයකට වරක්ම ඒවා නැවත එලියට ගනිමින් ආහාර ජීර්ණය වි ඇති ප්‍රමාණය නිරික්ෂණය කරන ලදි.
එමෙන්ම බෝමොන්ට් විසින් මර්ටින්ගේ ආමාශයික යුෂ සාම්පලයක්ද පිටතට ගැනිමට සමත් විය. එසේ ලබාගත් ආමාශයික යුෂ බදුන් වලට දමා එයට ආහාර දමමින් තත්ත්ව පරික්ෂණයක් ද සිදුකලේය. 
ඒ අනුව ආහාර ජිර්ණයේදි භෞතිකව මෙන්ම  රසායනික ක්‍රියාවලියක්ද සිදුවන බව සොයාගැනිමට වෛද්‍ය බෝමොන්ට් සමත් විය. මෙය ඉතා වැදගත් සොයාගැනිමකි.

බෝමොන්ට් විසින් මාර්ටින් හා එක්ව සිදුකරන ලද පරික්ෂණ, Experiments and observations on gastric juice, and the physiology of digestion නම් කෘතියකින් එලිදක්වන ලදි.

පරික්ෂණ වලින් පසු මාර්ටින් නැවතත් තම මවුරට වූ කැනඩාවේ පදිංචිය ගියේය. 
1853 වසරේදි වෛද්‍ය බෝමොන්ට් හිම මත ඇද වැටිමෙන් මිය ගිය අතර, මාර්ටින් 1880 වසරේදි මිය ගියේය. ඒ වන විටද මර්ටින්ගේ උදරයේ සිදුර එසේම තිබිනි.

මෙවැනි සිදුවිම් විද්‍යාව තුල බහුලයි.

තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු.

-රොෂීන් ප්‍රනාන්දු
  
















1 comment: