Monday, November 7, 2016

අරාබිකරයේ දේශසිමා තීරණය කල එංගලන්ත ගැහැණිය

වැල්ලෙන් වැසිගිය කාන්තාර වලින් ගහන අරාබිකරයේ දේශසීමා හා පාලකයින් තීරණය කිරීමට වික්ටෝරියානු යුගයේ කාන්තාවක් දායක වූ බව ඔබ ද්නනවාද?
අද කතාව ඒ ධෛර්යවන්ත කාන්තාව ගැනයි.





ගටෘඩ් මාග්‍රට් බෙල් (Gertrude Bell), 1868 වසරේදි එංගලන්තයේ වංශවත් පවුලක උපත ලැබීය. ඇය 3 වැනි වියට පා තබන විට ඇයගේ මව මිය ගියාය. මවගේ මියයැමෙන් ගටෘඩ් දැඩි මානසික පිඩාවකට ලක්වුනා. 

වයස අවුරුදු 17 දි ගටෘඩ්, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වන්නේ ඉතිහාසය හැදැරිමේ අරමුණින්. එවකට කාන්තාවන්ට අධ්‍යාපනයේ යම් යම් අවහිරතා පණවා තිබුනු යුගයක්. ඇය වසර 2ක් තුල ඉතිහාසය සම්බන්දව පලමු පන්තියේ ගෞරව උපාධියක් හිමිකර ගන්නවා.

සංචාරයක් අතරතුරදී
ගටෘඩ් කුඩා කල සිටම ගවේෂණ චාරිකා සදහා දැඩි ආසාවකින් පසු වූවාය. යහමින් මුදල් තිබු බැවින්, එවැනි චාරිකා යෑමද ගැටලුවක් වූයේ නැත. 

ගටෘඩ් ගේ ඥාතියකු පර්සියාවේ ටෙහෙරාන තානාපති කාර්යාල ප්‍රධානියා ලෙස පත්වීම් ලබනවා. ඒ අනුව ගටෘඩ් ටෙහෙරානයට යනවා. එහිදි ඇය අරාබි, පර්සියානු වැනි භාෂා කිහිපයක් හදාරනවා. එමෙන්ම මෙසපොතේමියානු නටබුන් ගවේෂණයකද යෙදෙනවා. මේ අතරතුර ඇය තානාපති ලේකම්වරයෙකු වූ හෙන්රි කැඩොගන් සමග ප්‍රේම සම්බන්දයක් ගොඩනගන්නවා. නමුත් මෙම ප්‍රේම සම්බන්දයට ගටෘඩ්ගේ පවුලෙන් කැමැත්ත හිමිවන්නේ නැ. ගටෘඩ් නැවත එංගලන්තය බලා පිටත් වෙනවා. ටික කලකට පසු හෙන්රි යම් හේතුවක් නිසා මිය යනවා.(මෙය දිවිනසාගැනිමක් යැයිද කියවෙනවා.)

මින්පසු ගටෘඩ් පූර්ණකාලිනව ගවේෂණ සදහා කාලය යොමුකරනවා. ඇය ඇල්පස් කදුපන්තියේ නව මාර්ග 10ක් පමණ සොයාගනු ලබනවා. ඇල්ප්ස් කදු පන්තියේ එක් මුදුනක් නම්කර ඇත්තේද ඇගේ නමින්. එක් වතාවක් ඇල්ප්ස් තරණය කරන්නට ගිය අවස්ථාවකදි, හිම කුණාටුවකට හසුවිම නිසා, ඇයට ජිවිතය බේරාගැනිම සදහා කදු පර්වතයක ලණුවකින් පැය 48කට වඩා වැඩි කාලයක් එල්ලි ඉන්නට සිදුවුනා. 

ලෝරන්ස් හා ගටෘඩ්


නැවතත් මැදපෙරදිගය පැමිනෙන ගටෘඩ් විසින් පලස්තිනය,සිරියාව, ජෙරුසෙලම, ඩමස්කස් වැනි ප්‍රදේශ ගවේෂණය කරනවා. එමෙන්ම එවකට කිසිවෙකු සංචාරය කිරිමට බිය වූ, ජබල්-අල්-ඩෘස් වෙත සංචාරය කර එහි ගෝත්‍ර සමග මිත්‍ර සබදතා අරබනවා. මෙහිදි සදහන් කල යුතු වැදගත් කරුනක් වන්නේ, ගටෘඩ්ගේ මෙම සංචාර සදහා මුල්කාලයේදි එංගලන්තයෙන් නිසි සහයක් නොලැබුනු බවයි. ඇය ටිටෙක තුර්කියට අැතුල් වූයේ අල්ලස් දී සාදාගත් බලපත්‍රවක් භාවිතා කරමිනි. නමුත් පසුකාලිනව ඇගේ භාෂා දැනුම හා අරාබිකරය ගැන ඇති දැනුම හේතුකොටගෙන බ්‍රිතාන්‍ය රහස් ඔත්තුසේවාව ඇගේ සේවය ලබාගන්නවා.

මේ අතරතුර ගටෘඩ් විසින් ඩමස්කස්හි තානාපති නිලධාරියකු වූ මේජර් චාල්ස් වයිලි සමග ප්‍රේමසබන්දතාවක් ගොඩනගා ගන්නවා. වයිලි කියන්නේ විවාහක පුද්ගලයෙක්. මේ අතරතුර තමයි, ගටෘඩ් විසින් හයිල් ප්‍රදේශයේ ගවේෂණ චාරිකාවක් ආරම්භ කරන්නේ.  

හයිල් ගවේෂණය ඉතා වැදගත් එකක්. හයිල් වල එමිල් රශිඩ් හමුවෙන්නයි ගටෘඩ් ගේ අදහස වන්නේ. හියිරි ඒ වන විට කුමන්ත්‍රණ වලින් පිරුණු අවුල් ජාලයක්. රශිඩ් කියන්නේ අරාබියේ බලවත් පාලකයෙක්. 
ඔටෝමාන් අධිරාජ්‍යෙය් අරාබි පාලකයා කිව්වොත් හරි. නමුත් ඒ වනවිට රශිඩ්, ඉබන් සවුද් සමග යුද්ධ කරලා පැරදිලා ඉන්නේ. හයිරි බලා යන ගටෘඩ්ව, එහිදි සිරබාරයට පත් වෙනවා. නමුත් එමිර්වරයා ඇතුලු පිරිස සමග ඇය ඇතිකරගන්නා හිතවත්කම් මත නිදහස් වි පැමිණනෙවා. 

ලෝරන්ස් හා චර්චිල් ඇතුලු පිරිස සමග


හයිල් වල තත්ත්වය ගටෘඩ් විසින් බ්‍රිතාන්‍ය අරාබි බියුරොව වෙත දන්වා සිටිනවා. මෙවැනි බුද්ධි තොරතුරු මත ඔටෝමාන්වරන්ගේ බලය පිරිහි ඇතැයි සිතු බ්‍රිතාන්‍යය විසින් පලමු ලෝක යුද්ධයේ වැදගත් සටනක් වෙච්ච ගලිපොලි සටන අරබනවා. නමුත් ගලිපොලි සටනේදි බ්‍රිතාන්‍ය ප්‍රමුඛ හමුදාවන්ට ඔටෝමාන්වරුන් අතින් දරුණු පරාජයකට ලක්වීමට සිදුවෙනවා. ගලිපොලියට ගහමු කියලා කෑ ගහපු වින්සන්ට් චර්චිල්ටත් වැඩ වරදිනවා. ගලිපොලි සටනේදි, ගටෘඩ්ගේ පෙම්වතා වූ මේජර් වයිලි මියයනවා. 

පලමු ලෝක යුද්ධය අවසන් විම හා ඔටෝමාන් අධිරාජ්‍ය බිදවැටිමෙන් පසු අරාබිය තුල එක්සත් අරාබියක් බිහි කරන්නට ගටෘඩ් මහන්සි ගන්නවා. ගටෘඩ් සමග මෙම කාර්යයට උරදෙන අනිත් පුද්ගලයා වන්නේ ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥ ටි.ඊ.ලෝරන්ස් මහතායි. නමුත් මේ ‘‘එක්සත් අරාබිය‘‘ සංකල්පයට බ්‍රිතාන්‍ය කැමති වෙන්නේ නැ. ඊට හේතුව වන්නේ මැදපෙරදිග වැල්ලේ සැගව ඇති ‍ බොරතෙල් සම්පතයි. බ්‍රිතාන්‍යට අවශ්‍ය වන්නේ මේ කලාපය බෙදා දමන්නටයි.

ඒ අනුව ගටෘඩ් ගේ කලාපිය දැනුම ද උපයෝගිකරගනිමින් සෞදි අරාබිය,ඉරාකය,ඉරානය,සිරියාව වැනි රටවල සරල රේඛාවැනි දේශසිමා නිර්ණය කරනවා. 

ෆයිසල් රජු


ඉරාකයේ රජු ලෙස ෆයිසල් කුමරුත්, ජෝරදානයේ රජුලෙස අබ්දුල්ලා කුමරුත් පත්වෙනවා. එමෙන්ම ඉබන් සවුද් හට සෞදිඅරාබිය ලැබෙනවා. මෙම පාලකයන් පත්කිරිම පිටුපස සිටින රජුන් තනන්නා වන්නේ ද ගටෘඩ් මයි.

ඉරාකය බිහිකිරිමේදි ගටෘඩ් විසින් ආගමික හා වාර්ගික බෙදිම් අමතක කරනවා. මෙම අතිශය වැදගත් කරුනු නොසලකා කටයුතු කිරිම ගටෘඩ් අතින් සිදුවුනු වැරැද්දක් වගේම නොනවතින අරගලයක අඩිතාලමද දමනවා.
ගටෘඩ්ගේ රාජ්‍යතාන්ත්‍රික සබදතා නිසා මතුපිටින් සියල්ල සාමකාමි උවත්, අභ්‍යන්තරයෙන් සුන්නි ෂියා අරගලය ඉරාකය තුල දළු දමන බව ටි.ඊ.ලෝරන්ස් දන්වා සිටියා. නමුත් එම අනතුරු අැගවිම කවුරුත් ගනන් ගත්තේ නැ.

බෙල් ඉන්පසු ඉරාකයේ බැග්ඩැඩ් නුවර කිරුලු නොපලන් රැජිනක් ලෙස ජිවත් වෙනවා. 1926 වසරේදි ගටෘඩ් මියයන්නේ ඖෂධ අධිමාත්‍රාවක් ශරිරගත විමෙන්. ගටෘඩ් ගේ මියයැම පිලිබදව සැකසංකා පවතිනවා.

- රොෂීන් ප්‍රනාන්දු
වෛද්‍ය ශිෂ්‍ය











No comments:

Post a Comment