Wednesday, November 9, 2016

අගහරුගේ ආවාට නම්කල ලංකා පුත්‍රයා

ලංකාවේ තාරකා විද්‍යාඥයින් කිව්ව ගමන් අපේ මතකෙට එන්නේ සරත් ගුණපාල මහතා, චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ඒ වගේ විද්‍යාඥයන්.

නමුත් අදින් වසර 100 කට පෙර සිටි ලංකා පුත්‍රයෙක් ග්‍රහලෝක ගවේෂණය කල බව ඔබ දන්නවාද?
මේ ලිපිය ලියන්නේ 
 එම ලංකා පුත්‍රයා වෙනුවෙන්.





පර්සි මෝල්ස්වර්ත් උපත ලැබුවේ 1867 අප්‍රේල් මස 2 වැනි දිනයි. ඔහු ලංකා දුම්රිය සේවයේ පලමු සාමාන්‍යාධිකාරිවරයා වූ ගිල්ෆර්ඩ් මෝල්ස්වර්ත් මහතාගේ කනිටු පුත්‍රයා වේ.

ඔහු මුලික අධයාපනය සදහා ඇතුලත් වන්නේ එංගලන්තයේ වින්චෙස්ටර් කොලේජය වෙතයි. ඉන්පසුව රාජකිය ඉංජිනේරු බලකායට අනුයුක්ත වන මොල්ස්වර්ත්, අයර්ලන්තයේ කැම්ඩන් බලකොටුවෙන් තම  සේවය ඇරබීය. පසුව හොංකොං වෙත ඔහුව මාරුකර යවන අතර, හොංකොං හි දිවිගෙවු වසර තුනක කාලය තුලදී රාත්‍රී අහස නිරික්ෂණය හා අගහරු සිතියම්ගත කිරිම සිදුකලේය. 

ඔහු බ්‍රිතාන්‍ය තාරකාවිද්‍යා සංගමයේ (BAA) ආරම්භක සාමාජිකයෙකි.

හොංකොං හි සේවයෙන් පසු, නැවත ලංකාව කරා පැමිණෙන මොල්ස්වර්ත් තම නවාතැන ලෙස තෝරාගන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයයි. ඔහු අහස නිරික්ෂණය සදහා භාවිතා කලේ අගල් 12.5 ක පරාවර්තන දුරේක්ෂයකි.

දකුණු කැලැබුම පිලිබදව
ඇදි සටහන්

මෝල්ස්වර්ත් විසින් අගහරු හා බ්‍රහස්පති නිරික්ෂණය කරමින් එම ග්‍රහලෝක වල උසස් තත්ත්වයේ සිතියමක් ඇදිමට සමත් විය. එමෙන්ම බ්‍රහස්පතිගේ දකුණු නිවර්තනයේ තිබූ කැලැඹීමක්ද සොයාගැනිමට සමත්විය.  මෙම සොයාගැනිම් පසුකාලිනව බ්‍රහස්පති සම්බන්දව සිදුකල පරික්ෂණ වලට මහත් රුකුලක් විය.

පෙනහලු ප්‍රදාහයක් නිසා පිඩා විදි මෝල්ස්වර්ත් 41 වැනි වියේ පසුවෙද්දි, 1908 වසරේ නත්තල් දිනයේදි මෙලොව හැරගියේය.

මොල්ස්වර්ත් ආවාටය


මොල්ස්වර්ත් මහතා සිහිවනු වස් අගහරු ග්‍රහයාගේ ඇති විශාල ආවාටයක් එතුමා නමින් නම්කර ඇත. ඔහු බාවිතා කල දුරදක්ණය හා නිරික්ෂණාගාරය කොලඹ විශ්වවිද්‍යාල භූමියේ අදටත් දැකගත හැක.

මොල්ස්වර්ත් නිරික්ෂණාගාර
ඒ අසල සිටින්නේ ආතර් සි ක්ලාක් මහතායි.


1 comment: