Friday, January 20, 2017

හිස රහිතව ජීවත් වූ කුකුලා

යම් කිසි සත්ත්වයෙක්ගේ හිසක් කපා දැමුවාට පසු එම සත්ත්වයාට ජීවත් වෙන්න පුලුවන්ද?
නමුත් හිස කපා දැමිමෙන් පසුවත් ජිවත් වූ අරුම පුදුම සතෙක් ගැනයි මේ කියන්න යන්නේ





 මේ අරුම පුදුම කුකුලා ගේ නම තමයි මයික්. මිරකල් මයික් කියලාත් හදුන්වනවා. මේ අරුම පුදුම මයික් ගේ හිස කපා දැමිමෙන් පසුවත් මාස 18 ක කාලයක් ජීවත්ව තිබෙනවා.



මයික් ජීවත් වෙලා තියෙන්නේ  අැමරිකාවේ කොලරාඩෝ වල  තිබුනු ලොයිඩ් ඔල්සෙන් ගේ ගොවිපලේ. දිනක් තම ආහාරය සදහා අවැසි කුකුලු මස් ලබාගන්නට ඔල්සෙන්, මයික්ව තෝරාගෙන තියෙනවා.  ඒ අනුව මයික්ව මරා දැමිම සදහා ඔල්සෙන් විසින්  ගැසු පොරො පහරින් මයික්ගේ හිසේ විශාල ප්‍රමාණයක් ඉවත් වෙලා තිබුනත්, එක් කනක් හා මොලයේ විශාල ප්‍රමාණයකට හානියක් සිදුවෙලා නැ.

හිස වෙන් ව ගියත්, කුකුලා අැවිදිනු හා හඩලනු දුටු ඔල්සෙන් මහතා මයික්ව  මරාදැමිමේ තිරණය අත්හැර ඌ රැකබලාගැනිමට තිරණය කලා.



හිස නැති අරුම කුකුලා ගැන ආරංචි වූ පිරිස්, මයික්ව බැලිමට පැමිණ තිබෙනවා. හිස නැති මයික්ව ජනතාවට ප්‍රදර්ශණය කිරිමෙන් ඔල්සෙන් සැහෙන්න මුදලක් උපයාගෙන තිබෙනවා.        

හිස නැති මයික් ගේ ඡායාරුප සුප්‍රකට ටයිම්ස් සගරාවේ පවා පලව තිබෙනවා.

ශරිරය දුර්වල වීම, ශ්වසනයේ ඇතිවූ ගැටලු වැනි හේතු නිසා මාස  18 කට පමණ පසුව හිස නැති මයික් මරණයට පත්ව තිබෙනවා.


          

No comments:

Post a Comment