Monday, February 13, 2017

මයික්‍රෝවේව් උදුන වැඩකරන හැටි

 බුකියේ පැතිරිලා යන අසත්‍ය පෝස්ට් එකක් දැකපු නිසා
 මයික්‍රෝවේව් උදුනේ ක්‍රියාකාරිත්වය ගැන ලියන්න හිතුනා.


මිතුරන් සාමාන්‍ය විදුලි උදුන් දැකලා ඇතිනේ. ඒක ඇතුලේ කොයිල් තියනවා. මේ කොයිල් විදුලියෙන් රත් වෙනවා. ඒ රස්නෙන් කෑම පිසෙනවා. නමුත් මයික්‍රෝවේව් උදුන තුල එහෙම  කොයිල් එකක් පේන්න නැ. ඉතින් කොහොමද කෑම රත්වෙන්නේ??

මයික්‍රෝවේව් තරංග අයත් වන්නේ විදයූත් චුම්බක තරංග වර්ගයටයි. විදයුත් චුම්බක වර්ණාවලියේ රේඩියෝ තරංග හා අධොරක්ත තරංග අතර තමයි පිහිටන්නේ. විද්‍යුත් චුම්බක තරංගයක් නිසා මයික්‍රොවේව් තරංග වල විද්‍යූත් හා චුම්බක ගුණ දකින්න පුලුවන්.  



මයික්‍රොවේව් තරංග වලින් ආහාර රත්කරනවා කියලා හොයාගන්නේ අහම්බෙන්. මයික්‍රෝවේව් සම්බන්දව පරික්ෂණයක් කරමින් සිටි පර්සි ස්පෙන්සර් නැමැත්තාගේ සාක්කුවේ තිබ්බ රසකැවිලි එක්වරම දියවෙලා තියෙනවා. මේ ගැන හේතු සොයාගෙන යාමේදි තමයි ලෝකයට මයික්‍රොවේව් උදුන දායද වෙන්නේ්‍.



ජල අණුවක්  හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් හා එක් ඔක්සිජන් පරමාණුවක් බන්දනගතවිමේන් කියලා මිතුරන් දන්නවානේ. හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර විදයුත් සෘණතාව වෙනස් නිසා, ජල අණුව ධ්‍රැවනය වෙලා තියනවා. ඒ කියන්නේ ඔක්සිජන් පැත්ත සාපෙක්ෂව සෘණ ලෙසත්, හයිඩ්‍රජන් පැත්ත සාපෙක්ෂව ධන ලෙසත් ආරෝපනය වෙලා තියෙනවා. මෙන්න මේ ධ්‍රැවණය විම වැදගත් මයික්‍රෝෙව්ව් උදුනේ ආහාර පිසිමේදි.

මයික්‍රෝෙව්ව් උදුන තුල තියනවා මැග්නටෝන් කියලා උපකරණයක්. මේ මගින් මයික්‍රෝවේව් තරංග සංඛ්‍යාතයෙන් යුතු විද්‍යුත් චුම්බක තරංග නිපදවා. මෙසේ නිපදවපු තරංග උදුනේ කුටියට එනවා. 



සෑම ආහාරයක වගේ ජලය සුලුවෙන් හෝ අන්තර්ගත වෙනවා. ජල අණු ධ්‍රැවිය නිසා විද්‍යූත් චුම්බක තරංග වල විද්‍යූත් ක්ෂේත්‍රය වෙනස් විමත් සමග ධන සෘණ වෙනස්වන නිසා ජල අණුව හැරෙන්න ගන්නවා පැත්තෙන් පැත්තට. තත්පරයක් තුල ඉතා වේගයෙන් විද්‍යූත් ක්ෂේත්‍රය වෙනස් විමත් සමග ඉතා වේගයෙන් ජල අණු දගලන්න ගන්නවා. ඒ නිසා තාපයක් උපදිනවා. මේ තාපයෙන් ආහාර රත්වෙලා පිසිම සිදුවෙනවා.
ජලයට අමතරව මේද සංඝටක වලටත් මේ දේම සිද්ද වෙනවා.

ලාබදායිව ඉක්මනින් මේ නිසා පිසගන්න පුලුවන්.

පහුගිය දිනවල බුකියේ ශෙයා වෙන පොස්ටුවක තිබුනා, මයික්‍රෝවේව් උදුන ලග ඉන්න එපා කියලා. මෙහි සත්‍යතාවක් නැ. බ්ලුටුත්,වයිෆයි,දුරකතන සන්නිවේදන  වගේ වැඩවලත් මයික්‍රෝවෙව් තරංග භාවිතා කරනවා. මයික්‍රෝවේව් උදුන දිහා බලන් හිටියා කියලා අවුලක් නැ. උදුනේ බිත්ති හදලා තියෙන්නේ තරංගය ඇතුලටම පරාවර්තනය වෙලා වැඩි කාර්යක්ෂමතාවක් ලබාගන්න හැකිවන ලෙසයි. 

මයික්‍රෝවේව් උදුනේ ආහාර පිසුවා කියලා විශේෂ ගුණහානියක් වෙන්නේ නැ. තැම්බුවත්, තෙලෙන් බැද්දත්, තෙල්දැම්මත්, මොන විදිහෙන් ඉව්වාත් ආහාරයේ පෝෂණය යම්තාක්දුරකට අඩුවෙනවා. මයික්‍රෝවේව් උදුන් මගින් පිසිම මගින් සැලකිය යුතු තරම් ආහාරයේ ගුණයන්ට හානියක් වෙනවා කියලා සොයාගෙන නැ.




No comments:

Post a Comment