Wednesday, February 15, 2017

හදිසි උපත්පාලන පෙති

මීට පෙර ලිපි වලින් උපත්පාලන ක්‍රම හා උපත්පාලන පෙති ගුණ දොස් ගැන කතා කලා මතක ඇති.
ඒ ලිපි පෙලේ දිගුවක් ලෙස අද කතා කරන්න යන්නේ හදිසි උපත්පාලන පෙති ගැනයි.





උපත්පාලන ක්‍රම වලින් තොරව සිදුකරනු ලබන ලිංගික එක්විම් වලදි ගැබ්ගැනිමේ හැකියාවක් පවතිනවා. එමෙන්ම උපත්පාලන ක්‍රමයක් කොන්ඩම භාවිතා කරන විට හදිසියේදි කොන්ඩමය පුපුරායැමක් සිදුවුවහොත් ගැබ්ගැනිමේ අවධානමක් පවතිනවා.




මෙවැනි අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකින් ගැබ්ගැනිම වලකාගන්නට හදිසි උපත්පාලන පෙති බාවිතා කල හැකියි. ‘‘Postinor / පොස්ටිනෝර්‘‘ පෙති, හදිසි උපත්පාලන පෙති වලට උදාහරණයක්.

‘‘Postinor-2‘‘ පැකට්ටුවක පෙති 2ක් ඇතුලත්වනවා. ‘‘Postinor-1‘‘  පැකට්ටුවක අන්තර්ගත වෙන්නේ එක් පෙත්තක් පමණයි. 

මින් වඩාත් ප්‍රචලිතව ඇත්තේ ‘‘Postinor-2‘‘ ඖෂධයයි. අනාරක්ෂිත ගැබ්ගැනිමක් සිදුවි පැය 72ක් තුල පෙතිබාවිතා කල යුතු අතර පැය 72 ඉක්මවා භාවිතායෙන් පලක් වන්නේ නැ.

පැකට්ටුවේ ඇතුලත් පලමු පෙත්ත, ලිංගික එක්විමෙන් හැකි ඉක්මනින් භාවිතා කල යුතු වනවා. අනෙක් පෙත්ත පැය 12 පසුව ගත යුතු වෙනවා. මෙසේ බාවිතා කිරිම අනිවාර්යයි. 

හදිස්සියෙවත් පලමු පෙත්ත පානයෙන් පසු වමනය ඇතිවුවහොත් (පැය 3ක් තුල) නැවත පෙත්තක් පානය කල යුතු වෙනවා. ඉන්පසු දෙවැනි පෙත්ත පැය  12 පසු පානය කල යුතුයි. 

සාර්ථකත්වය ලබාගැනිමට කාලය ඉතාමත්ම වැදගත් වනවා. මුල් පැය 24 තුල භාවිතා කලහොත් සාර්ථකත්වය 95% ක් පමණ ඉහලයි.  

මෙම පෙති වල ඩිම්බකෝෂ මගින් ශ්‍රාවය වන හෝමෝනයක් වන ප්‍රොජෙස්ටරොන් හෝමෝනය අන්තර්ගත වන අතර, ඉන් ඩිම්බමෝචන වැලකිම හා අධිරෝපනය වැලකිම සිදුකරනවා.

පෙති පානය නිසා පහත සදහන් සුලභ අතුරු ආබාද ඇතිවූ අවස්ථා පවති. 

  • ඔක්කාරය
  • වමනය
  • අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් ලේ පිටවීම.
  • කැරකිල්ල
කිරි වැනි සුලු ආහාරයක් සමග පෙති භාවිතා කිරිම මගින් වමනය ඇතිවිම වලක්වාගත හැකියි.

පොස්ටිනෝර් භාවිතයෙන් ගබ්සාවිමක් සිදු නොවන බව මතක තබාගන්න.  කලලය විනාශ කිරිමේ හැකියාවක් නොමැත. එමෙන්ම එක් වරක් පානය කල පමණින් ඉදිරි ලිංගික එක්විම් ආරක්ෂිත වන්නේද නැ.

පොස්ටිනෝර් වෛද්‍ය නිර්දේශයකින් තොරව ලංකාවේ ඕනැම ෆාමසියකින් මිලදි ගත හැක.
මිලෙන්ද අඩුය. 
මෙය හදිසි උපත්පාලන පෙත්තක් බව ඉතා අවධාරණයෙන් මතක් කර සිටිමු. 
සාමන්‍ය උපත් පාලන පෙත්තක් ලෙස නිතර භාවිතය නුසුුදුසුය.
නිරන්තරයෙන් මෙම පෙති පානය කිසිසේත්ම සෞඛ්‍යයට සුදුසු නොවේ.
 
- රොෂින් ප්‍රනාන්දු


   

No comments:

Post a Comment