Thursday, March 2, 2017

නාසා අගහරු ගමනට එදිරිව යේමනයෙන් නඩු

නාසා ආයතනය විසින් සිදුකරන අගහරු ගවේෂණ වලට එරෙහිව යේමන ජාතිකයින් තිදෙනකු විසින් නඩු දැම්මා. 
නඩුවට හේතු වූ කාරනාව නම් පුදුම දෙයක්.






1997 වසරේදි යේමන ජාතිකයින් වන ඇඩම් ස්මයිල්, මුස්තාපා කලිල්, අබ්දුල්ලා-අල්-උමාරි යන අය විසින් නාසා අායාතනයේ අගහරු ගවේෂණ වලට විරුද්දව නඩු පවරනු ලැබුවා.

නාසා අායතනය විසින් අගහරු ගවේෂණ මුවාවෙන් එය අල්ලාගැනිමට තැත් කරන බවට ඔවුන් චෝදනා කලා.

මැදපෙරදිග ජනප්‍රවාද වලට අනුව, ග්‍රහලෝක වල පූජනිය දේවස්ථාන පිහිටුවා තිබෙනවා. මෙම  දේවස්ථාන රාත්‍රියේදි දර්ශණය වන බවත්, ග්‍රහලෝක වලින් තම මුතුන්මිත්තන් පැමිණි බවටත් විස්වාස පවතිනවා. නාසා ආයතනය ගවේෂණ මුවාවෙන් අගහරුගේ  තම දේවස්ථාන හා අගහරුගේ  වසර 3000ක් පැරැණි පාරම්පරික අයිතින් පැහැරගන්නා බවත් ඔවුන් චෝදනා කලා.

මෙම හාස්‍යජනක චෝදනාව ගැන නාසා අායතනය ගනනකට වත් ගත්තේ නැ. 

අන්තර්ජාතික සම්මුතින්ට අනුව,
පෘතුවිය හැර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සියලුම දෑ,  සියලුම දෙනාට අයත් පොදු දේපලක් ලෙස සැලකේ.
 එමනිසා නාසා අායතනය අගහරු මත ගොඩ බැස්සා කියලාවත්, හදට ගියා කියලාවත්, සද හෝ අගහරු ඇමරිකාවට අයත් වෙන්නේ නැ.

යේමන අධිකරණය විසින් ද මේ හාස්‍ය ජනක නඩුව අත්හැර දැමුවා.


No comments:

Post a Comment