Monday, March 6, 2017

රේසින් කාර් වලට නයිට්‍රස් දාන්නේ ඇයි?

රේසින් කාර් වලට නයිට්‍රස් පද්ධතියක් දාලා වැඩි වේගයක් ලබා ගන්නවා කියලා ඔයාලා අහලා අැතිනේ. 
කාර් ගේම් වලත් නයිට්‍රස් ගැන කතා වෙනවානේ.
මොකක්ද මේ නයිට්‍රස් කියන්නේ? මොකක්ද මේකෙන් වෙන්නේ?





‘‘නයිට්‍රස් | නයිට්‍රස්‘‘ කියලා කෙටි කරලා කියන්නේ ‘‘නයිට්‍රස් ඔක්සයිඩ්‘‘ වායුව ගැනයි.



නයිට්‍රස් ඔක්සයිඩ් / Nitrous oxide වායුව සෑදිලා තියෙන්නේ  නයිට්‍රජන් පරමාණු 2ක් හා එක් ඔක්සිජන් පරමාණුවක් බන්ධනගතවෙලා. අවර්ණ වායුවක් වන මෙය ගිනිගන්නා සුලු වායුවක් නෙවෙයි. සිනහා වායුව ලෙසද ප්‍රකටයි. සිනහා වායුව වෙදකමට ආපු හැටිගැන අපි කලින් කතා කලා මතක ඇතිනේ. 

ගිනිගන්නෙත් නැතිනම් එන්ජිමට දැම්මට වැඩක් තියනවාද?
වාහන වල අන්තර් දහන එන්ජිමේදි හොදින් වායු දහනය වෙලා වැඩි බලයක් ලබාගන්න වායුන් නියමිත මිශ්‍රණ වලින් අවශ්‍ය වෙනවා. 



වාහනයට  විශේෂ පද්ධතියක් මගින් එන්ජිමේ දහන කුටිරය තුලට නයිට්‍රස් ඔක්සයිඩ්, වාතය සමග හෝ ඉන්ධන සමග ඇතුල්විමට සලස්වනවා.  දහන කුටියට ඇතුල් වූ නයිට්‍රස් ඔක්සයිඩ්, අධික උෂ්නත්වය හා පිඩනය හේතුවෙන් ඔක්සිජන් හා නයිට්‍රජන් ලෙස වෙන්වෙනවා. මේ නිසා නිදහස් වන අතිරේක ඔක්සිජන් උපයෝගි කරගනිමින් දහන කුටිය තුල ඉන්දන හොදින් දහනය වෙනවා.

සාමාන්‍ය වාතයේ අඩංගු ඔක්සිජන්  උපයෝගි කරගෙන ඉන්දන දහනයෙන් ලැබෙන බලයට අමතරව , නයිට්‍රස් ඔක්සයිඩ් බිදහෙලිමෙන් ලැබෙන අමතර ඔක්සිජන් භාවිතයෙන් ඉන්දන දහනයෙනුත් අමතර බලයක් ලබා දෙනවා. ඒ නිසා එන්ජිමෙන් සමස්ථයක් ලෙස වැඩි බලයක් ජනිත වෙනවා. 

සාමාන්‍ය වායුගෝලිය වාතයේ වැඩියෙන්ම  (70%) අඩංගු වන්නේ නයිට්‍රජන් වායුවයි. ඔක්සිජන් අඩංගු වෙන්නේ 21%ක් පමණ ප්‍රමාණයකුයි.

ඒ නිසා වායුගෝලිය වාතය පමණක් උපයෝගි කරන්නා එන්ජිමකට වඩා, නයිට්‍රස් ඔක්සයිඩ් හා වාතය උපයෝගි කරගන්නා එන්ජින් වැඩි බලයක් ලබාදෙනවා.

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ.



සබැදි ලිපි

- රොෂින් ප්‍රනාන්දු 


No comments:

Post a Comment