Friday, May 26, 2017

ඇවිදින්න ඇවිදින්න විදුලිය නිපදවන පාරක්

‘‘දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග‘‘
මේ කියමන මිතුරන් අහලා ඇතිනේ.
නමුත් මේ කියන්න යන්නේ දැනගෙන ඇවිද්දත්, නොදැන ඇවිද්දත්
විදුලිය නිපදවන අමුතුම තාක්ෂණයක් ගැන



විදුලිය!!!
මිනිසාට නැතුවම බැරි දෙයක්.  
දවසක් වත් විදුලිය නැතුව ඉන්න බැරි තරම් .....

අපේ රටේ ජල විදුලිය හා ඛණිජ ඉන්දන යොදාගනිමින් නේ විදුලිය නිපදවන්නේ. වැස්ස නැතිවුනොත් ගැටලු. තෙල් ගනන් ගියොත් ඒත් ගැටලුවක්. මේක අපේ රටේ විතරක් නෙවෙයි, මුලු ලෝකයටම මේ ගැටලු තියනවා. ඒ නිසා අදවන විට බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වෙත යොමු වෙමින් පවතිනවා.
මීට පෙරත් අපි එවැනි ක්‍රම ගැන කතා කරා මතක ඇති. සුලගින් දුවන කෝ්ච්චි ගැනත් අපි කතා කරානේ. සබැදි ලිපි, මෙම ලිපිය අවසන ඔයාලාට බලන්න පුලුවන්.

යම් මාර්ගයක ඇවිද යන ඔබ, තබන සැම පියවරකදීම විදුලිය නිපදවන්නට හැකියාව තියනවා කියලා කිව්වොත් ඔබ පුදුම වේවි. 




Pavegen ලෙස හදුන්වන මෙම ව්‍යාපෘතිය පලමුව එලිදකින්නේ විශ්ව විද්‍යාල ව්‍යාපෘතියක් ලෙසයි.  මෙම ව්‍යාපෘතියේදි විදුලිය නිපදවීමට අවැසි බලය ලබාගන්නේ ඔබ තබනා පියවර වලිනුයි.

තෙරපීමකදි විදුලිය නිපදවීය හැකි කුඩා විදුලි ජනනයක් නිපදවීමට ඔවුන් සමත්ව තිබෙනවා. මෙම විදුලි ජනන යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පිලිබදව බොහෝ තොරතුරු Pavegen නිෂ්පාදකයින් රහසක් ලෙසයි තබාගෙන්නේ. නමුත් ඔවුන් පවසන ආකාරයට මෙම කුඩා සිලින්ඩරාකාර විදුලි ජනන යන්ත්‍රය, කාන්දම් හා තඹ දගර වලින් සමන්විතයි.

ජනන යන්ත්‍රය

මෙම විශේෂිත සිලින්ඩරාකාර ජනන යන්ත්‍රය තබන්නේ ඒ සදහාම සැකසු බිම් අතුරුම් ගල් වලට යටිනුයි. පදිකයින් විසින් මෙම ඇතුරුම් ගල් මතින් ඇවිද යන විට, එම තෙරපුම කුඩා පිස්ටනයක් මගින් ජනන යන්ත්‍රය වෙත සම්ප්‍රේෂණය කරනවා.

ජනන යන්ත්‍ර හා ඇතුරුම් ගල

එක් පදිකයකු ගේ පාදයක් මගින් ඇතිකරන තෙරපුමකදි LED වීදි ලාම්පුවක් තත්පර 30ක් පමණ දල්වා තැබිමට සමත් විදුලියක් නිපදවනු ලබනවා. 

තත්ත්පර 30ක් කියන්නේ පොඩි වෙලාවක්නේ කියලා හිතෙන්න පුලුවන්. නමුත් අධික ජනතාවක් දිනපතා ඇවිද යන මාර්ගයක මෙවැනි පද්ධතියක් ස්ථානගත කලොත් සැලකිය යුතු තරම් විදුලියක් නිපදවා ගන්න පුලුවන්.

2012 ඔලිම්පික් හීදි

අද වන විට ලෝ පුරා ස්ථාන 200 ක පමණ Pavegen ස්ථාන ගත කර තිබෙනවා. 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙල පැවැත්වෙන වකවානුවේදි ඒ ආශ්‍රිතව Pavegen අතුරනු ලැබුවා. එමෙන්ම ලොව කාර්යබහුල ගුවන්තොටුපලක් වන හීත්‍රෝ ගුවන්තොටුපලේද, ඇමරිකාවේ වොෂින්ටන් හී පදික වේදිකා කිහිපයකද Pavegen ස්ථාන ගත කර තිබෙනවා. මීට අමතරව ශරිර සුවතා  මංතීරු වලද Pavegen ස්ථාපිත කර තිබෙනවා. 




සබැදි ලිපි



 
 














1 comment: