Saturday, May 20, 2017

අහිමි වූ ලොව හුදෙකලාම ගස - Tree of Ténéré

පේන තෙක් මානයක ගහක් කොලක් නැති මහා කාන්තාරයක, හුදෙකලාව නැගි සිටි තනි ගහක් ගැනයි මේ ලිපියෙන් දිග හැරෙන්නේ.






Tree of Ténéré

අප්‍රිකාවේ සහරා කාන්තාරයේ නයිජිරියාවට අයත් කොටසේ Ténéré ප්‍රදේශයේ පිහිටි හේතුවෙන් මෙම ශාකයට Ténéré Tree  ලෙස බොහෝ දෙනෙකු හදුන්වනු ලබනවා. නමුත් උද්භිත විද්‍යාත්මකව මෙම ශාකය ඇකේෂියා ගසක්.



කලක් වෘක්ෂලතාවලින් පිරි මහා වනයක් වූ මෙම ප්‍රදේශයේ පසුව ඉතිරි වි ඇත්තේ මෙම ශාකය පමණයි.  Ténéré Tree  කොතරම් හුදකලා වීද යත් මෙයින් කිලෝමීටර් 400ක් යන තුරුම තවත් ගහක් කොලක් හමුවන්නේ නැ. මෙම ප්‍රදේශයේ  1:4,000,000 ප්‍රමාණයේ සිතියමක සලකුණු වන එකම ශාකයද මෙයයි. මේ හේතුවෙන් ලොව හුදෙකලාම ගස ලෙස  Ténéré Tree  හදුන්වනු ලබනවා.

මෙවැනි කටුක පරිසරයක ගසක් සුරැකිව තිබිම විශ්මිත සිදුවිමක්. ගවේෂකයින් පවසන ආකාරයට අඩි 40 වඩා යටට ගසේ මුල් විහිද තිබෙනවා.



වැල්ලෙන් පිරි කතරක පිහිටි එකම ගස වීම  හේතුවෙන්,  මේ ප්‍රදේශයෙන් ගමන් ගත් සංචාරකයින්ට හා තවලම් වලට මග සලකුනු පෙන්වා තිබෙන්නේ මෙයයි. බොහෝ දෙනකු ගස අසල ගිමන්හැරිමට පුරුදුව සිට තිබෙනවා. 



1930 දශකයේ මෙම ප්‍රදේශයේ සංචාරය කල කීර්තිමත් ප්‍රංශ ගවේෂකයකු වන Henri Lhote මහතා, ගස දුටු ආකාරය සටහන් දක්වා ඇත්තේ මෙසේය.

පිරිහෙමින් යන කදක් සහිත ඇකේෂියා ගසක්. බැලුබැල්මට ලෙඩක් හැදිලා වගේ.  නමුත් ගසේ කොල පැහැති කොල හා කහ පැහැති මල්  දකින්න තියෙනවා.

අවාසනාවකට අද වන විට Ténéré ගස දකින්නට ලැබෙන්නේ නැ. ඕනැම දෙයක් විනාශ කරන්න මිනිසාට යන්නේ තත්ත්පරයයි නේ. 

සියවස් ගනනක් මෙවැනි කටුක පරිසරය අභියෝග මතින් නැගි සිටි Ténéré ගස, 1973 වසරේදි බීමත් රියදුරෙක් ධාවනය කල වාහනයක් හැපීමෙන් විනාශයට පත්වුනා. ඔනාතරම් ඉඩ තියෙද්දිත්  මේ හාදයා Ténéré ගහේම හැපුනානේ. 

දැන් ස්ථාපිත කර ඇති යකඩ ගස


අනතුරින් ඉතිරි වු ශාක කොටස්, පසුව නයිගර් ජාතික කෞතුකාගාරය වෙත ගෙනයනු ලැබුවා. ශාකය පිහිටි ස්ථානයේ දැන් යකඩ වලින් තැනු කනුවක් පිහිටුවා තිබෙනවා.

නමුත් යකඩ කනුවකට කවදාවත් බෑ, Ténéré ගසට සම වෙන්න.

- රොෂීන් ප්‍රනාන්දු


7 comments:

  1. අර රියදුරා අදහන්න වටින මනුස්සයෙක්නෙ...කිලෝ මීටර් 400 කටම තියෙන එකම ගහේ මූ හැප්පුවනෙ වාහනේ..බොහෝ විට මට හිතෙන්නෙ හිතලම කරපු දෙයක් වෙන්නැති...:)

    ReplyDelete
    Replies
    1. ඔව් මිතුර ඒක වෙන්න පුලුවන්.
      ස්තුතියි ප්‍රතිචාරයට

      Delete
  2. අයියෝ පුදුම මනුස්සයෙක්නෙ... ඒ ගහේ හැප්පෙන්නම ආව ගමනක් ද මන්ද...
    අදයි මේ පැත්තට ආවෙ... මේ පැත්තට පාර කියුවෙ දම්පාට දේදුන්න... ස්තුතී ජීවන් අය්යට...
    වැදගත් සටහනක්... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුරිය.
      සාදරයෙන් පිලිගන්නවා...

      Delete
  3. රියදුරා නම් මහ නරක මනුස්ස සතෙක්....

    ReplyDelete
  4. බ්ලොගර් ෆලෝවරය දාහං

    ReplyDelete
    Replies
    1. දැම්මා මචං
      ස්තුතියි මතක් කලාට.

      Delete